ශ්‍රී ලංකා ජනපති තෙදින නිල සංචාරයක් සඳහා අද(07) බ්‍රිතාන්‍ය බලා පිටත්ව යයි.
ජනාධිපති අන්තර් ජාතික මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙම සංචාරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මහතා හමුවීමට ද සුදානමක් ඇති බවයි.
බ්‍රිතාන්‍ය එළිසබෙත් මහ රැජිනගේ ආරාධනයකට අනුව, ජනාධිපතිතුමා සහ එම මැතිණිය, මෙම සංචාරයේ නිරත වේ.
තවද අදාළ සංචාරය තුළ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය දින සැමරුම් උළෙලට ද සහභාගී වේ.
ඊට අමතරව පොදුරාජ්‍ය මණ්ඩලයීය සැමරුම් උළෙලට සහභාගී වන රාජ්‍ය නායකයින් සඳහා බකින්හැම් මාලිගාවේ දී මහරැජිණ විසින් පිරිනැමෙන රාත්‍රී භෝජන සංග්‍රහයකට ද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සහභාගී වනු ඇත.
තවද මෙම සංචාරය සඳහා වදේශ අමාත්‍ය මංගල සමරවීර, නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිතව ඇත.