මහේල ජයවර්ධන ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා සහය ලබාදීමට කැමැත්ත පළ කර ඇති බව ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.
ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන මේවන විට එක්දින හා ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදී සිටියි.
තවද, ඔහුට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශක තනතුරක් ලබාදීම කෙරෙහි අවධානය යොමුව ඇති බවක්ද වාර්තා විය.
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා යමක් කිරීමට කැමැත්තෙන් සිටින බව ඔහු පවසා තිබුනේ, ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවකදීය.
Share this: