ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනපතිගේ සුබපැතුම්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනපතිගේ සුබපැතුම්

ස්කයිප් තාක්ෂණය ඔස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග සම්බන්ධ වූ ජනාධිපතිවරයා අවසන් ජයග්‍රාහි කණ්ඩායම් අට අතරට තේරි පත්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමීය.

නායක ඇන්ජලෝ මැතිව්ස් මහතා ඇතුථ කණ්ඩායම සමග ඊයේ (15) දහවල් ස්කයිප් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වූ ජනාධිපතිවරයා සිය සුබපැතුම් පිරිනැමු අතර 2015 ලෝක කුසලානය ශ්‍රී ලංකාවට රැගෙන ඒමට අවශ්‍ය ශක්තිය ධෛර්ය ලැබේවායිද ප්‍රාර්ථනය කළේය.

එමෙන්ම 2015 ලෝක කුසලාන තරගාවලිය තුළ සුවිශේෂි දක්ෂතා දක්වමින් ලෝක වාර්තා කිහිපයක් පිහිටවූ කුමාර සංගක්කාර මහතාගේ දක්ෂතා අගය කිරීමට අමතා නොකළ ජනාධිපතිතුමා මාතෘ භූමියේ කීර්තිනාමය ලෝකය හමුවේ ප්‍රදර්ශනය කිරිම වෙනුවෙන් ඔහුට සිය ස්තූතිය පළ කලේය.

Share this: