කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉනිම පන්දුවාර 37.2දී ලකුණු 133ට සීමා කිරීමට දකුණු අප්‍රිකානු පන්දුයවන්නෝ සමත් වූහ.
ශ්‍රී ලංකා පිතිකරුවන් ඉතා අසරණ තත්ත්වයකට පත් කළ දකුණු පන්දු යවන්නන් ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියක අවසන් පූර්ව වටයට පිවිසීමට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට සමත් විය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ මහත් බලාපොරොත්තු තැබූ කුමාර් සංගක්කාර 9 වැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් වන විට ඔහු පන්දු 96ට මුහුණදී ලබා සිටියේ ලකුණු 45කි.
මාලිංග ලකුණු 3ට දැවී යාමත් සමග ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 37.2දී ලකුණු 133ක් ලෙස සනිටුහන් විය.
අමතරව ලහිරු තිරිමාන්න ලකුණු 41ක්ද ඇන්‍ජලෝ මැතිව්ස් ලකුණු 19ක් ලබාගත්හ.
ජේ පී ඩුමිනි පන්දුවාර 9දී ලකුණු 29ක් දී කඩුලු ත්‍රිත්වයක්ද ලබාගත්හ,
එනම්, තිසර පෙරේරා, නුවන් කුලසේකර හා තරිඳු කෞෂාල් ඩුමිනිගේ කඩුලු ත්‍රිත්වය විය.
මීට අමතරව ඉම්රාන් තහීර් පන්දුවාර 8.2දී ලකුණු 26ට කඩුලු 4ක්ද ලබා ගැනීමට සමත් විය.
1992 සිට දකුණු අප්‍රිකාව අර්ධ අවසන් පූර්ව වටයකදී ජයග්‍රහණයක් ලබා ගෙන නැති අතර අද තරඟයේදී ඔවුන් එය සිදුකළහොත් මෙවර තරඟාවලියේදී එය දකුණු අප්‍රිකාව ලබා ගන්නා ඉහළම ජයග්‍රහණය ද වනු ඇත.
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි හි මෙම තරඟය පැවැත්වෙයි.