ශ්‍රී ලංකාව ඇමරිකාව සමඟ දිගු කලක් පවත්වාගෙන යන සබඳතා සමාලෝචනය කර තවත් ශක්තිමත් කිරීමට අවශ්‍ය බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා වොෂින්ටනයේදී (12) ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරි මහතා හමුවී සාකච්ඡා පැවැත්විය.
ගතවූ වසර කිහිපය තුළ පැවති සබඳතා යම් තරමකට පළුදුවී තිබුණි. එහෙත් තමාගේ අපේක්ෂාව වන්නේ හම සබඳතා සමාලෝචනය කර යළිත් ගොඩනඟා විශ්ෂ්ඨ තත්වයක් කරා යන ගමනක් බව සමරවීර මහතා පවසා ඇත.
මංගල සමරවීර මහතා පිළිගනිමින් අදහස් දැක්වූ ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා පසුගියදා පැවති ඓතිහාසික ජනාධිපතිවරණයේදී ඡන්ද දායකයින් සැබෑ වෙනසක් සඳහා සිය අභිමතය පළ කර ඇතැයි පැවසීය.
එය ශ්‍රී ලංකාව නව දිශාවක් කරා යොමුවීමට ලබා ඇති වරමක් ලෙස ඔහු හැදින්වීය.
එමෙන්ම පුළුල් වගකීමක් මානව අයිතිවාසිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීමට අවස්ථාවක් මෙන්ම දූෂණය පිටුදකිමින් රජයට ඉදිරියට යාමට අවස්ථාවක් උදා කර ඇතැයිද කෙරි මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව සාමකාමී සමෘද්ධිමත් දේශයක් බවට පත්කිරීම සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගන්නා බවද ඔහු ප්‍රකාශ කර ඇත.