ලංකාවේ බම්බලපිටිය ප්‍රදේශයේ මුහුදු සිංහයෙක්..
නොවැම්බර 23 වන දින මිරිස්ස මුහුදේදී හමු වූ මුහුදු සිංහයා අද (05) දින බම්බලපිටිය ප්‍රදේශයේ දක්නට ලැබිණි.
මුහුදු සිංහයන් සමුද්‍ර ක්ෂීරපායීන් ගණයට අයත් වන අතර උතුරු හා දකුණු අර්ධගෝලයේ සහ සෑම සාගරයකම සේම සියලුම දේශගුණික ප්‍රදේශවලත් දක්නට ලැබෙන බව පැවසේ.
කෙසේ වෙතත්, මෙම මුහුදු සිංහයා මුහුදු ධාරාවකට හසු වී අපේ රට දෙසට ඇදගෙන එන්නට ඇති බවත්, වන සතුන් සතු සංක්‍රමණික විශේෂයන් සංරක්ෂණය කිරීමේ සම්මුතියට ශ්‍රී ලංකාව අත්සන් තබා ඇති නිසත් මෙම මුහුදු සිංහයාගේ ආරක්ෂාව සඳහා අප බැඳී සිටින බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු පවසයි.
එසේම මිනිසුන් එක්රැස් වී නැරඹීමට ගොස් විවේක ගැනීම සඳහා පොළොවට පැමිණෙන මුහුදු සිංහයාට බාධා නොකරන ලෙසටත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Share this: