ශ්‍රී ලංකාවේ නවතම උද්භිත උද්‍යානය- “සීතාවක”

ශ්‍රී ලංකාවේ නවතම උද්භිත උද්‍යානය- “සීතාවක”

ඉළුක්‌ඕවිට ඉදිවෙමින් පවතින ශ්‍රී ලංකාවේ ඇති උද්භිද උද්‍යාන අතරට අලුතින් එකතුවන සීතාවක උද්භිද උද්‍යානය 2007 වසරේ ආරම්භ කර ඇති අතර මෙම උද්‍යානය සතු භූමි ප්‍රමාණය අක්‌කර 105 ක්‌ වේ.

උද්‍යාන භූමියේ මේ වන විට මාර්ග පද්ධතිය ඉතා ක්‍රමානුකූලව අලංකාර හැඩතල සහිත ගල් අල්ලා අපූරුවට නිර්මාණය කර ඇති අතර තැනිතලා හා කඳු සහිත මනරම් දර්ශනයකින් මෙම උද්‍යානය සමන්විත වේ.

මෙහිදී උඩරට කඳුකරයේ ඇති තේවත්තක අසිරිය සංචාරකයන්ට දැකගත හැකි වන පරිදි අලංකාර තේ වගාවක්‌ද උද්භිද උද්‍යානයේ සරුවට වගාකර තිබේ.

Share this: