පසුගිය දා පවති, 2015 ජනාධිපතිවරණයෙන් පසු ශ්‍රී ලංකාව සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන ඇති බව අමෙරිකාව පවසයි.
මේ බව පවසන්නේ, පසුගියදා මෙරට සංචාරයක නිරතවු අමෙරිකානු ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ කොමිසමේ කොමසාරිස් එරික් පී. ශ්වෝර්ට්ස්.
තවද එහිදි ඔහු ප්‍රකාශ කර ඇත්තේ මෙම සංචාරයේදි මෙරට අමාත්‍යවරුන් සමඟ සිදුකළ සාකච්ඡා වලදී ඔවුන් ඉදිරිපත් කළ අදහස් පිළිබඳ සතුට පළකරන බවයි.
සියළුම ආගම් අදහන පුද්ගලයින්ට ශ්‍රී ලංකාව තුළ නිදහසේ ජීවත් විමට නව රජය ගෙන ඇති වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ද එරික් පී. ශ්වෝර්ට්ස් මහතා සිය ප්‍රශංසාව පළකර ඇත.
ශ්‍රී ලංකාව තුල යම් යම් හේතු නිසා මානව හිමිකම් උල්ලංඝණය වු සුළු ජාතින් පිළිබඳ අවධානය යොමු කරන ලෙස තමා මෙරට බලධාරින් දැනුවත් කළ බවද අමෙරිකානු ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ කොමිසමේ කොමසාරිස්වරයා පැවසුවේය.
Share this: