ශ්‍රී ලංකාව හා ස්කොට්ලන්තය අතර පැවති තරගයෙන් ලකුණු 148ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව අද සමත් විය.
අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් කුමාර් සංගක්කාර ලකුණු 124ක් ද, මැතිව්ස් ලකුණු 51ක්ද, තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 104ක් ද රැස් කළහ.පන්දුවාර 50 අවසානයේ කඩුලු 9කට ලකුණු 363ක් රැස් කළේය.
පන්දුවාර 43යි එක් පන්දුවකදී සියලු කඩුලු දැවී ස්කොට්ලන්ත පිලට රැස් කරගත හැකි වුයේ ලකුණු 215ක් පමණි. ඒ අනුව ලකුණු 148ක විශිෂ්ට ජයක් සමගින් ශ්‍රී ලංකා පිල A කණ්ඩායමේ දෙවන ස්ථානයට පත් වී ඇත.
Share this: