ශ්‍රී ලංකාවට කඩුලු 9ක විශිෂ්ට ජයක්…

ශ්‍රී ලංකාවට කඩුලු 9ක විශිෂ්ට ජයක්…

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ  එංගලන්තය සමග අද පැවැති තරගයෙන් පන්දුවාර 47යි පන්දු 2ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ශ්‍රී ලංකාව තරගය ජය ගත්තේය.

ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙකු එක්දින තරගයකදී දෙවැනි කඩුල්ලට ගොඩනැගූ ඉහළම ලකුණු සබඳතාව සඳහා වන වාර්තාව තමන් සතු කරගැනීමට කුමාර් සංගක්කාර සහ ලහිරු තිරිමාන්න සමත් විය.

කුමාර් සංගක්කාර ලකුණු 117ක් ලබාගනිමින් ඔහුගේ 23 වැනි එක්දින ශතකය ද, ලෝක කුසලාන තරගයකදී ශතකයක් රැස් කළ ලාබාලතම ශ්‍රී ලංකා ක්‍රීඩකයා ලෙසින් ලහිරු තිරිමාන්න හතරේ පහර 13ක් සහ හයේ පහර 2ක් ද සමගින් සිව්වැනි එක්දින ශතකයද වාර්තා කළහ.

සටහන තිසල් රන්දුනු 

Share this: