ශ්‍රී ලංකාවට අයත් ධීවර යාත්‍රා 5ක් නිදහස්

ශ්‍රී ලංකාවට අයත් ධීවර යාත්‍රා 5ක් නිදහස්

ඉන්දීය අත්අඩංගුවේ තිබූ ශ්‍රී ලංකාවට අයත් ධීවර බෝට්ටු පහක් නිදහස් කිරීමට අවසර ලැබේ.

තමිල්නාඩුවේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අනුමැතිය ඊට හිමිව ඇතැයි ද හින්දු පුවත්පත වාර්තා කරයි.

ලංකාවට අයත් මෙම බෝට්ටු 05 ඉන්දීය වෙරළාරක්ෂකයින් විසින් ශ්‍රී ලාංකික ධීවරයින් 26දෙනෙකු සමඟ අත්අඩංගුවට ගෙන තිබුනේ පසුගිය වසරේ මැයි සහ සැප්තැම්බර් මාසවලදී ය.

මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දුන් තීන්දුවට විරෝධයක් නොමැති බව ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් විසින් ද දැනුම් දී ඇත. ඒ අනුව මෙම ධීවර බෝට්ටු ඉදිරි කාලයේදී ශ්‍රී ලංකාවට එවීමට නියමිත බව වාර්තා වේ.

Share this: