මුල්ලේරියාව ශ්‍රී රාහුල මහා විද්‍යාලයට අවුරුදු 80 ක් පිරීම නිමිත්තෙන් ශ්‍රී රාහුල ආදි විද්‍යාර්ථයින් විසින් සංවිධානය කරනු ලැබූ “ශ්‍රී රාහුල උත්තම ගුරු වන්දනා ” විශ්‍රාමික ගුරු උපාහාර උළෙල 2015-04-06 වන දින විද්‍යාලයීය පනාගොඩ ශාලාවේදී පැවැත්විනි.
විද්‍යාලය ආරම්භයේ සිට මේ වනතෙක් සිප් සතර ලබා දුන් විශ්‍රාමික ගුරුවරුන් මෙම උත්සවයට සහභාගි වීම එදා මෙදා ගුරුගෝල සම්බන්ධතාවයේ සුවිශේෂි අවස්ථාවක් විය.
මෙහිදී විශ්‍රාමික ගුරු භවතුන් උදෙසා විශේෂ සමරු තිළිණ ප්‍රධානය කිරීම ආදි ශිෂ්‍යයන් අතින් සිදු විය.
ඒ අවස්ථාවට පාසැලේ සියලූම වර්ෂ වල ආදි සිසුන් සම්බන්ධ වීම විශේෂ කරුණකි.
අවසානයේ මියුරු සංගීතයක රස විදිමින්, ඉතා ප්‍රනීත දිවා භෝජන සංග්‍රයක් බුක්ති විඳි සහභාගි වූ සියලූ දෙනා ඉතා සතුටින් විසිර ගියෝය.
සටහන එම මහවන්නි,
චායරුප, සමන් රණවීර
Share this: