ශ්‍රීලනිප තහනම කඩමින් දිලුම් අමුණුගම මහනුවර රැලියට

ශ්‍රීලනිප තහනම කඩමින් දිලුම් අමුණුගම මහනුවර රැලියට

පක්ෂ කිහිපයක එකතුවෙන් මහනුවර දී ඊ‍යේ (06) දිනූ නිදහස අනතුරේ මහින්ද සමඟ රට පෙරට මැයෙන් පැවැති රැලියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තීරණවලට එරෙහිව යමින් මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා සහභාගි වීම විශේෂත්වයකි.

ශ්‍රී.ල.නි.ප. සෙංකඩගල ආසන සංවිධායක ධුරය හොබවන දිළුම් අමුණුගම මහතා රැස්වීම පැවැත්වෙන අතරතුර වේදිකාවට පැමිණි අතර ශ්‍රි.ල.නි.ප. ය නියෝජනය කරන වෙනත් කිසිදු පාර්ලිමේන්තු හෝ පළාත් සභා මන්ත්‍රීවරයකු රැස්වීමට සහභාගි නොවීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තහනම තහනම් කරමින් අද දිළුම් අමුණුගම මහතා මෙම රැස්වීමට සහභාගි වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ද මෙම අවස්ථාවට සහභාගි විය. මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන කිහිපයක මහජන නියෝජිතයෝ පිරිසක් ද මෙම රැලියට සහභාගි වූහ.

Share this: