ශ්‍රීපාද සමය හෙටින් අවසන් වේ

ශ්‍රීපාද සමය හෙටින් අවසන් වේ

පසුගිය වසරේ දෙසැමබර් මස පුන් පොහෝ දිනෙන් අරබ වුනු, 2014 – 2015 ශ්‍රී පාද වන්දනා සමය හෙටින් අවසන් වීමට නියමිතව තිබේ.

මෙම ශ්‍රී පාද වන්දනා සමය පුරා මාස 06 ක කාලයක් පැවැත්විණි.

සමන් දේව ප්‍රතිමාව සහ සධාතුක කරඬුව හා දේවාභරණ ශ්‍රීපාද සමය තුළ ශ්‍රී පාද මලුවේ තැන්පත් කර තිබූ අතර හෙට දහවල් සුබ නැකතින් ඒවා නල්ලතන්නිය වෙත රැගෙන ඒමට නියමිතය.

ඒ අනුව විශේෂ පෙරහැරකින් මෙම සමන් දේව ප්‍රතිමාව ඇතුළු දේව ආභරණ වැඩම කරවීම සිදුකරන බව වාර්තා වේ.

තවද ශ්‍රීපාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති හා සබරගමු පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නායක හිමියන්ගේ උපදෙස් අනුව සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් ද ශ්‍රී පාද ධර්ම මධ්‍යස්ථානයේ දී පැවැත්වීමට නියමිතය.

ඒ අනුව මැයි මස 6 වන දින උදෑසන යෙදෙන සුබ මෙහොතින් සමන් දේව ප්‍රතිමාව සහ සධාතුක කරඬුව රැගත් විශේෂ රිය පෙරහැර පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව නල්ලතන්නියේ සිට පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරස්ථානය වෙත වැඩම කරවනු ඇත.

Share this: