ශ්‍රී ලංකාව හරිත ආර්ථිකයක් කරන්න රනිල් පොරොන්දු වෙයි!

ශ්‍රී ලංකාව හරිත ආර්ථිකයක් කරන්න රනිල් පොරොන්දු වෙයි!

පරිසරය පිළිබඳ ක්‍රියාකාරී සැලැස්මක් ක්‍රියාත්මක බවත් වසර 2050 වන විට ශ්‍රී ලංකාව හරිත ආර්ථිකයක් කරා ගෙන යාමේ සැලැස්මක් දියත් කර ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ කොළඹ හිල්ටන් හෝටලයේ පැවති “ශ්‍රී ලංකාවේ හරිත වර්ධන මාවත කඩිනම් කිරීම සඳහා උපාය මාර්ග සහ ක්‍රියාමාර්ග පිළිබඳ ඉහළ පෙළේ සාකච්ඡාවට” එක්වෙමිනි.

ශ්‍රී ලංකාව අපේක්ෂා කරන හරිත ආර්ථිකය පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය තුළින් ළඟා කර ගත හැකි බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

Share this: