ශ්‍රී ලංකාව ජපානයේ ප්‍රමුඛ ව්‍යවසාය සමඟ අවබෝධතා ගිවිසුමකට

ශ්‍රී ලංකාව ජපානයේ ප්‍රමුඛ ව්‍යවසාය සමඟ අවබෝධතා ගිවිසුමකට

ශ්‍රී ලංකා රජය සහ ජපානයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික ආයතනයක් වන Pasona Group ජපානයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට රැකියා අවස්ථා ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමකට එළඹ තිබේ.

ඒ අනුව ශ්‍රී ලාංකිකයින්ට ජපානයේ රැකියා අවස්ථා, මානව සම්පත් සංවර්ධනය, ජපන් ආයෝජන ශ්‍රී ලංකාවට ගෙන ඒම සහ සංචාරක ප්‍රවර්ධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය සහ Pasona සමූහය අතර අවබෝධතා ගිවිසුමට අත්සන් තැබිණි.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ ජපානයේ නිල සංචාරය අතරතුර අවාජි දූපතේ පිහිටි “වේව් රයිඩින් ෆෙස්ටිවල්” රඟහලේදී මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කරන ලදී.

Share this: