ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අවසන් වී වසර 14ක්

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අවසන් වී වසර 14ක්

මැයි 19 වැනිදා පැවැත්වෙන ජාතික රණවිරු සැමරුම් උත්සවයේදී තිස් වසරක් පුරා පැවති සිවිල් යුද්ධයෙන් දිවි පිදූ රණවිරුවන්ට උපහාර දැක්වීමට ශ්‍රී ලංකා රජය කටයුතු යොදා ඇත.

උත්සවය පස්වරු 4.00 ට ආරම්භ වේ. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී.

හිටපු ජනාධිපතිවරුන්, අගමැතිවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, කථානායක ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, ආරක්ෂක ප්‍රධානීන් මෙන්ම පොලිස්පති ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරුන්, යුද්ධයෙන් තුවාල ලැබූ රණවිරුවන්, මෙම රණවිරු සැමරුම් උත්සවයට සහභාගි වන ලෙස මියගිය රණවිරුවන්ගේ ඥාතීන්ට මෙන්ම පාසල් ශිෂ්‍යභට කණ්ඩායම්වලටද ආරාධනා කිරීමට නියමිතය.

යුද, ගුවන්, නාවික, පොලිසිය යන රණවිරුවන්ගේ අභීත වීරත්වය සහ සදාකාලික මතකයන් අගයමින් විශේෂ රණ බෙර වාදනයක් සහ පුෂ්පෝපහාර දැක්වීමක් සමඟින් මෙම රණවිරු සැමරුම මෙවර සංවිධානය කර ඇති බව ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවසීය.

එල්ටීටීඊ (දෙමළ ඊලම් විමුක්ති කොටි) නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් 2009 මැයි 18 වැනිදා ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් නන්දිකඩාල් කලපුවේ දී ඝාතනය කිරීමෙන් පසු දශක තුනක ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අවසන් වී වසර 14 ක් ගතවී ඇත.

Share this: