2023 වසරේදී ශ්‍රී ලංකාවේ සිසුන් සඳහා පාසල් නිල ඇඳුම් කට්ටලයක් පරිත්‍යාග කිරීමට සැලසුම් කර ඇති බව චීන තානාපති කාර්යාලය පවසයි.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් චීන තානාපති කාර්යාලය මේ බව සඳහන් කළේය.
චීන තානාපති කාර්යාලයට අනුව, රටේ වාර්ෂික නිල ඇඳුම් රෙදි අවශ්‍යතාවයෙන් සියයට 70 ක් මෙම පරිත්‍යාගය හරහා සපුරාලිය හැකිය.
රුපියල් කෝටි 500 ක් පමණ වටිනා නිල ඇඳුම් තොගයක් පරිත්‍යාග කිරීමට සැලසුම් කර ඇති බව ට්විටර් පණිවුඩයේ සඳහන් වේ.
මෙම නිල ඇඳුම්වල පළමු කොටස ජනවාරි 6 වැනිදා කොළඹ වරායට පැමිණීමට නියමිතය.
රෙදි කන්ටේනර් 20ක් මීටර් මිලියන 3ක රෙදිවලින් පුරවා ඇති බව පැවසේ.
Share this: