ශෂී වීරවංශට එරෙහි නඩුව

ශෂී වීරවංශට එරෙහි නඩුව

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අප්‍රේල් 28 වැනිදා ලබාදුන් නියෝගයකට අනුව ලබන මස 02 වනදා දක්වා නඩුව කල් තබා ඇත.

ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට කටයුතු කළ බව කියන ශෂී වීරවංශට එරෙහි නඩුව අධිකරණයේ කැඳවූ අවස්ථාවේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා මෙම නියෝගය නිකුත් කළේය.

ඒ අනුව විත්ති පාර්ශ්වය සුදානම් වුවත් නැතත් නඩුව මැයි මස 02 වැනිදා විභාගයට ගැනීමට තීරණය විය. එවැනි ක්‍රියාමාර්ග නොගන්නේ නම් සහ නඩුව දිගින් දිගටම කල්යන්නේ නම් නඩුව ස්ථිරවම අවසන් කිරීම කිසිසේත්ම කළ නොහැකි දෙයක් බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අල්විස් මහතා විවෘත අධිකරණයේදී පැහැදිලි කළේය.

Share this: