වෙසක් පොහෝ දින මත්පැන් විකුණලා අතටම හසුවේ

වෙසක් පොහෝ දින මත්පැන් විකුණලා අතටම හසුවේ

වෙසක් පුන් පොහෝ දිනය යෙදී තිබු ඊයේ දිනයේ නීති විරෝධිව මාතර කඹුරුගමුව ප‍්‍රදේශයේ දී, මත්පැන් අලෙවි කළ බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට තිබේ.

සැකකරු සිය නිවස තුළ දී මත්පැන් අලෙවි කරමින් සිටිය දී මාතර පොලිස් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අත්ර, ඔහු සතුව තිබී මත්පැන් බෝතල් 99ක් සහ බීර ටින් 18 පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි .

Share this: