වෙසක් තොරණ බලන්න ආපු ගමන රෝහලෙන් නවතී

වෙසක් තොරණ බලන්න ආපු ගමන රෝහලෙන් නවතී

පානදුර, වලාන හන්දියේදී මැයි 07 වැනිදා අලුයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් 10 දෙනෙකුට සුළු තුවාල සිදුව තිබේ.

කොළඹ වෙසක් තොරණ නැරඹීමට පැමිණි පිරිසක් ජීප් රථයකින් ආපසු එමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි.

මැයි 07 අලුයම 5.30 ට පමණ කොළඹ සිට කළුතර බලා ධාවනය වූ ජීප් රථය රියදුරුට රෝදයට නින්ද යාම හේතුවෙන් මාර්ගයට පෙරළී ඇති බව වාර්තා වේ.

තුවාල ලැබූ ළමුන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.

ඔවුන් මතුගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇත.

Share this: