වෙසක් කළාප 15 ක් කොළඹ නගරයේ පුරාවට

වෙසක් කළාප 15 ක් කොළඹ නගරයේ පුරාවට

වෙසක් පුර පසලොස්වක පොහොය නිමිත්තෙන් කොළඹ නගරයේ පමණක් වෙසක් කළාප 15ක් පැවැත්වෙන බව, දැනගන්නට ඇත.

ඒ අනුව තොරණ 09ක් සහ දන්සැල් 51ට වඩා වැඩි ප්‍රමාණයක් ද සංවිධාන කර ඇත.

හුණුපිටිය ගංගාරාමය , පිටකොටුව, මැනින් වෙළදපොල, බැස්ටියන් මාවත, කොස්ගස්හන්දිය, දෙමටගොඩ, පෑලියගොඩ තොටලඟ සහ මහරගම ප‍්‍රදේශ වලදී ද තොරණ ප‍්‍රදර්ශනය කෙරේන බව වාර්තා වේ.

එසේම සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය කේන්ද්‍ර කරගනිමින්, බෞද්ධාලෝක වෙසක් කළාපය විවෘත කිරිම ද අද සිදු වේ.

වෙසක් කූඩු , භක්ති ගීත හා දන්සැල් වලින් සමන්විත බෞද්ධාලෝක වෙසක් කළාපය නැරඹීම සදහා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පැමිණෙනු ඇතැයි එහි සංවිධායක මණ්ඩලය අපේක්‍ෂා කරයි.

Share this: