වෙලේ සුදා සමඟ හද වූ නිළියන්ගේ නම් හෙළි කරනු

වෙලේ සුදා සමඟ හද වූ නිළියන්ගේ නම් හෙළි කරනු

ශ්‍රී ලංකාවේ රංගන ශිල්පීන් හා ශිල්පිනියන් පිරිසක් පොලිසියෙන් ඉල්ලීමක් කරමින් පවසා අත්තේ, නිළියන් 06 දෙනෙකු වෙලේ සුදා සමඟ සබඳතා පවත්වා ඇතැයි පොලීසිය ප්‍රකාශ කර තිබෙන බැවින් ඔවුන් කවුරුන්දැයි නම් කරන්නැයි ඉල්ලමිනි.

එසේම මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා මත රක්‍ෂිත බන්ධනාගාරගතව සිටින වෙලේ සුදා සමඟ ගනුදෙනු නොකල බව පවසමින් රංගන ශිල්පීන් හා ශිල්පිනියන් පිරිසක් අද(22) කොළඹදී මාධ්‍ය හමුවක් පැවැත්වීය.

එම පිරිස අතර සිටිය අය නම්, සේමිණී ඉද්දමල්ගොඩ, දිල්හානි අශෝකමාලා, නදීකා ගුණසේකර, ලෝචනා ඉමාෂි යන අය විය.

ඔවුන් ඉල්ලා සිටියේ නිළියන් 06 දෙනෙකු වෙලේ සුදා සමඟ සබඳතා පවත්වා ඇතැයි පොලීසිය ප්‍රකාශ කර තිබෙන බවයි.

එම නම් ප්‍රසිද්ධ නොකිරීම හේතුවෙන් විවිධ නිලියන්ගේ නම් උපයෝගි කරගනිමින් අපහාස කිරීමේ ව්‍යාපාරයක් නිර්මාණය වී තිබෙන බවද ඔවුන් පෙන්වා දුන්හ.

මොහාන් රාජ් මඩවල, දිල්හානි අසෝකමාලා, ගයනා සුදර්ශනී, නදීකා ගුණසේකර, ලක්ෂ්මන් විජේසේකර, සුරෙන් අබේසේකර, ධර්මසිරි බණ්ඩාරනායක, අනුරුද්ධ ජයසිංහ යන කලාකරුවන්ද මෙම මාධ්‍ය හමුවේ දී අදහස් පලකලහ.

Share this: