වෙලේ සුදා රඳවා ගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ලබේ

වෙලේ සුදා රඳවා ගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ලබේ

මත්කුඩු ජාවාරම්කාරු වෙකු ලෙස ප්‍රසිද්ද වෙලේසුදා අද(19) කොළඹ මහාධිකරණය වෙත ඉදිරිපත් කෙරුණි.

ඒ අනුව, ලබන මස 23වන දා තෙක් රැඳවුම් නියෝග මත වෙලේ සුදාගෙන් ප්‍රශ්න කිරීමට පොලීසියට අවසර ලැබි ඇත.

සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා නැමැති අය සමඟ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ විදේශීකයින් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසියේ සහාය ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

ඒ සඳහා අධිකරණ නියෝගයක් ලබා ගැනීමටත් බලාපොරොත්තු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

පසුගිය දා කැළණිය ප්‍රදේශයේදී මත් ද්‍රව්‍ය ආනයනය කිරීමට යොදාගත් ට්‍රැක්ටර් හමුවීමත් සමඟ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ විදේශිකයින් කිහිපදෙනෙකු පිළිබඳ තොරතුරු අනාවරණය වෙමින් තිබේ.

ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය ලවා රතු නිවේදන නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

Share this: