වෙලෙසුදා කුඩු ගෙනා ට්‍රැක්ටර් එංජින් 26ක් කැලණියේ ගබඩාවක

වෙලෙසුදා කුඩු ගෙනා ට්‍රැක්ටර් එංජින් 26ක් කැලණියේ ගබඩාවක

වෙලෙසුදා හෙවත් සමන්ත කුමාර විසින් පකිස්ථානයේ සිට ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය බහා එවූ ට්‍රැක්ටර් එංජින් 26ක් කැලණිය – බියගම පාරේ, සිංහාරමුල්ල 6 කණුව ප්‍රදේශයේ ගබඩාවකින් සොයාගෙන තිබේ.

මහ පරිමාණ මත්කුඩු ජාවාරම්කරු ලෙස සැලකෙන වෙලෙසුදා හෙවත් සමන්ත කුමාර අත්අඩංගු‍වේ දී හෙළි කළ තොරතුරු මත වසා දමා තිබූ මෙම ගබඩාව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් විසින් අද පරික්ෂා කරන ලදී.

නවීන පන්නයේ ට්‍රැක්ටර් 26ක එංජිමේ ඇතුළු කොටස් ගලවා ඒවා තුළට මත්කුඩු බහා නැව් මගින් රේගුව ඔස්සේ ශ්‍රී ලංකාවට මේවා ඒවා ඇත.

අද පරික්ෂාවට ලක් කළ ගබඩාව බ්‍රිතාන්‍ය ජාතිකයෙකු විසින් කූලි පදනම මත ලබාගත් එකක් බවද එය බලා කියාගෙන ඇත්තේ පකිස්ථානු ජාතිකයින් දෙදෙනෙකු විසින් බවද පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව අප වාර්තාකරු පැවසීය.

මෙම ස්ථානය මත්ද්‍රව්‍ය ඉවත් කරන මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කර ඇති බවත්, පරික්ෂාවේදී එහි මත්ද්‍රව්‍ය නොතිබූ බවත්, අද පස්වරුවේ කැඳවූ මාධ්‍ය හමුවකදී මේ පිළිබඳව අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියා සිටියේය.

මීට සම්බන්ධ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගන්නා බවද, වෙලේසුදාගෙන් හෙළිකරගත් තොරතුරු මත තවදුරටත් විමර්ශන සිදුවන බවද, ඒ මහතා පැවසීය.

Share this: