රටේ යහපත වෙනුවෙන් වෙනස්කම් රැසක් සිදු කරන බව බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් (24/07/2019) පැවසීය.
අගමැතිවරයා එම ප්‍රකාශය සිදු කළේ ඩවුනින් වීදියේ අංක 10 නිල නිවස ඉදිරිපිට දී මාධ්‍ය අමතමිනි.
තෙරේසා මේ බ්‍රිතාන්‍ය දෙවන එළිසබෙත් මහ රැජින බැහැදැක සිය ඉල්ලා අස්වීම නිල වශයෙන් බාර දීමෙන් අනතුරුව කොන්සවේටිව් පක්‍ෂයේ නව නායක බොරිස් ජොන්සන්, රැජින මුණ ගැසී නිල වශයෙන් අග්‍රාමාත්‍ය ධූරයට පත් විය.
බොරි ජොන්සන් නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීමත් සමඟ කැබිනට් මණ්ඩලයේ බොහෝ දෙනෙක් සිය තනතුරුවලින් ඉවත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
Share this: