වෙඩි තැබුවේ අසනීප දරුවා ගන්න ගිය පියෙකුටයි

වෙඩි තැබුවේ අසනීප දරුවා ගන්න ගිය පියෙකුටයි

අක්මීමන මානවිල් උපනන්ද විද්යාලයේ අද දහවල් සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයකු මියයාම පිටුපස ඇත්තේ අනුවේදනීය කතාන්දරයකි.

මෙම සිද්ධියෙන් මියගිය නාවික හමුදාවෙන් විශ්රාම ලැබූ පුද්ගලයා එම පාසලේ ප්රාථමික අංශයේ ඉගෙනුම ලබන දරුවකුගේ පියෙකි.

දරුවා අසනීප වී ඇති බවත් වහාම පැමිණ දරුවා රැගෙන යන ලෙසත් පියාට පාසලෙන් දුරකතන ඇමතුමකින් පවසා ඇත.

පියා වහා පාසලට දිවගොස් ඇත්තේ දරුවා රැගෙන ඒමටයි.

පාසල තුළට යාමට ගිය පියා එහි ආරක්ෂාවට යොදවා සිටි හමුදා සෙබළුන් විසින් නවතා ඇත.

පියා එහිදී දරුවා අසනීප වී ඇති බව පවසමින් පාසල තුළට යාමට උත්සාහ කර තිබේ.

එහිදී දෙපාර්ශවය අතර බහින්බස්වීමක් ද සිදුව ඇත.

පියා පාසල තුළට යාමට තැත් කිරීමේදී සෙබළෙකු විසින් පියාගේ පපුවට වෙඩි තබා තිබේ.

සිද්ධියෙන් තුවාල ලැබූ පියා කරාපිටිය රෝහල්ගත කෙරුණද පසුව මියගොස් ඇත.

Share this: