වෙඩි තැබීමක් අයෙක් මරු‍ට

වෙඩි තැබීමක් අයෙක් මරු‍ට

ඊයේ පස්වරු 06.45 ට පමණ, ඇඹිලිපිටිය, මොදරවාන ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩිතාබා ඝාතනය කර තිබේ.

පොලිසිය මේ වන විට අදාළ ඝාතනය සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව විමර්ශන ආරම්භ කර ඇති බවයි.

වෙඩි වැදිමෙන් මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 65 හැවිරිදි පුද්ගලයෙක් වන අතර, ඉඩම් ආරවුලත් මත වෙඩි තැබීම සිදු කර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර සැකකරුවන් ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව ඇඹිලිපිටිය පොලිසිය පවසයි.

ඒ අනුව මෘත ශරිරය ඇඹිලිපිටිය රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇති අතර මහේස්ත්‍රාත් පරික්ෂණය අද සිදු කිරිමට නියමිතය.

Share this: