වෙඩි තබද්දී අහක බලන් සිටි පොලිසියේ තිදෙනාගේ වැඩ තහනම්

වෙඩි තබද්දී අහක බලන් සිටි පොලිසියේ තිදෙනාගේ වැඩ තහනම්

මොරටුව, සොයිසාපුර ප්‍රදේශයේ ආපන ශාලාවකට මෝටර් රථයකින් පැමිණි පිරිසක් වෙඩි ප්‍රහාරයක් එල්ල කොට පළා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරින් තිදෙනෙකු ගේ වැඩ තහනම් කිරිමට ගල්කිස්ස ප්‍රදේශය භාර පොලිස් අධිකාරිවරයා විසින් නියෝග කර තිබෙනවා.

ඒ එම නිලධාරින් තිදෙනා වෙඩි තැබීමේ සිදුවීම වූ අවස්ථාවේදී එම ස්ථානය අසල සිටියත් ඔවුන් සිය රාජකාරිය පැහැර හරිමින් නිසි ක්‍රියා මාර්ග නොගැනීම හේතුවෙන්.

මොරටුව සොයිසාපුර ප්‍රදේශයේ හෝටල් හිමියෙකුගෙන් කප්පම් ඉල්ලා එය ලබා නොදීමේ සිද්ධියක් මුල් කර ගනිමින් මෙම වෙඩි ප්‍රහාරය එල්ලවී තිබෙනවා.

Share this: