වෘත්තීය සමිති අනතුරු අඟවයි!

වෘත්තීය සමිති අනතුරු අඟවයි!

2023 මාර්තු 15 වැනිදාට පෙර සිය ඉල්ලීම්වලට විසඳුම් ලබාදීමට රජය අපොහොසත් වුවහොත් ‘සම්පූර්ණයෙන් වසා දැමීමේ’ හැකියාවක් පවතින බවට වෘත්තීය සමිති අනතුරු අඟවා තිබේ.

රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව දියත් කර ඇති අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගය තීව්‍ර කරන බවට උසස් අධ්‍යාපන, වෛද්‍ය, බැංකු, වරාය සහ අනෙකුත් ක්ෂේත්‍රවල ඉහළ ආදායම් ලබන රාජ්‍ය සේවකයින් තර්ජනය කර ඇත.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ (FUTA) මාධ්‍ය ප්‍රකාශක චාරුදත්ත ඉලංගසිංහ බ්‍රහස්පතින්දා (09) මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ රජය මාර්තු 15 වනදා වන විට තීරණයක් ගත යුතු බවත්, එසේ නොමැතිනම් ජලය හෝ විදුලිය ලබා නොදෙන බවත්, විශ්වවිද්‍යාල වස දමන බවත් සහ රටට නැව් එන්නේ නැති බවත්ය.

Share this: