රටේ අහිංසක ජනතාවට බර පටවන්නේ නැතිව, තව දුරටත් ජනතාවගේ ජිවිත සැපවත් කිරීමට සැලසුම් කළද එය පරාජය කළ බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
මුදල් රෙගුලාසි යෝජනාව ගෙන ආවේ ජනතාවට තවදුරටත් සහනදීමට බව අමාත්‍යවරයා කියා සිටියේ ඊයේ (07) රාත්‍රීයේ මුදල් අමාත්‍යංශයේ පැවති හදිසි මාධ්‍ය හමුවකදීය.
විමල් වීරවංශලා ඇතුළු කුමන්ත්‍රණකාරී කල්ලිය විසින් ජනතා සහන මෙලෙස උදුරාගත් බවත්, එහෙත් එය පරාජයක් නොව ජනතාවට සහන දීමට සිදුවන ප්‍රමාදයක් ලෙස පමණක් සැලකිය යුතු බව ඔහු සඳහන් කළේය.
පරාජය වූයේ මුදල් පනතක් නොව රෙගුලාසියක් පමණක් බව පෙන්වාදුන් අමාත්‍යවරයා කියා සිටියේ රෙගුලාසි පරාද වූ පමණින් ආණ්ඩු ඉවත්විය යුතු නැති බවද, එලෙසම ඉදිරියේදී මෙම රෙගුලාසිය නැවත පාර්ලිමේන්තුවට ගෙනවිත් සම්මත කර ගැනීමට කටයුතු කරන බව කියා සිටියේය.
තවද අමාත්‍යවරයා අවදාරණය කලේ, ආණ්ඩුව විසුරවිය යුතු බවට නැඟෙන චෝදනාවන් තැකීමකට ගත යුතු නැති බවත්, ආණ්ඩුව විසුරුවා මහමැතිවරණයකට යාම කොහොමත් තම පක්ෂයේ ඒකමතික තීරණය බවත්ය.