විහාරස්ථානවල කඨින පින්කම් සඳහා විශේෂ නිවේදනයක්

විහාරස්ථානවල කඨින පින්කම් සඳහා විශේෂ නිවේදනයක්

මේ දිනවල සියලු විහාරස්ථානවල කෙරෙන කඨින පින්කම් කටයුතු ඉතාම සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස තමා මෙරට සියලුම විහාරස්ථානවල විහාරාධිපති හිමිවරුන්ගෙන් ඉල්ලා සිටින බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම පවසනවා.

මෙම අවදානම් අවස්ථාවේ එකී ආගමික කටයුත්ත පැවැත්වීමට අවශ්‍ය පියවර ගත යුතුව ඇති නමුත් වසරකට වරක් සිදුකෙරෙන මෙම මහඟු පින්කමට දායක වීමට බෞද්ධ ජනතාවට ඉඩ සලසාදීම සඳහා එම පින්කම් කටයුත්ත එසේ නැවැත්වීමට පියවර නොගන්නා බවද ඒ මහතා පැවසුවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ එකී පින්කම් කටයුත්ත සඳහා සහභාගි වන බැතිමතුන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් එම කටයුත්ත සඳහා සහභාගි වීමට වගබලාගත යුතු බවයි.

Share this: