දිල්ලි නුවර උග්‍ර වායු දූෂණය සහ බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින අඩු පීඩන තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව මේ වන විට අතිශය දරුණු වායු දූෂණයකට ලක්වී තිබේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත් කරන ලද වාර්තාවකට අනුව වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ කොළඹ නගරයට වන අතර වායු දූෂණයෙන් දිස්ත්‍රික්ක 16කට බලපෑම් එල්ල වී තිබේ.
ඒ අතරම, හැකිතාක් නිවෙස් තුළම රැඳී සිටින ලෙසත්, පිටතට යන විට මුඛ ආවරණ පළඳින ලෙසත් විශේෂඥයින් ජනතාවගෙන් ඉල්ලා සිටියි. විෂ වායු ආශ්වාස කිරීම ඇතැම් විට මරණයට පවා හේතු විය හැක.
බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින අඩු පීඩන තත්ත්වයත් සමඟ සුළගේ දිශාව වෙනස් වී ප්‍රබල වායු ප්‍රවාහය දකුණට හමා යමින් පවතින අතර දිල්ලි අවට පවතින අයහපත් වායු ප්‍රවාහය මේ වනවිට ශ්‍රී ලංකාවට දැඩි ලෙස බලපා ඇත.
ඊට අනුරූපව ඊයේ පස්වරුව වන විට කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රධාන නගර කිහිපයක වායු දූෂණය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.
එහි කාබන්ඩයොක්සයිඩ්, නයිට්‍රජන් ඩයොක්සයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ් ඇතුළු මිනිස් සිරුරට අහිතකර වායූන් අඩංගු බව විශේෂඥයෝ පෙන්වා දුන්හ.