විශ්වාසභංගය ඉක්මන් කරනවානම් මම කෑමති – රවී කරුණානායක

විශ්වාසභංගය ඉක්මන් කරනවානම් මම කෑමති – රවී කරුණානායක

මුදල් අමාත්‍යවරයා ලෙස තමාට එරෙහිව ගෙන එන බව කියන විශ්වාසභංග යෝජනාව නොපමාව ඉදිරිපත් කරන්නැයි අමාත්‍ය රවී කරුණානායක මහතා විපක්ෂයෙන් ඉල්ලා සිටියි.

අමාත්‍යවරයා කියා සිටියේ විපක්ෂයේ කාර්ය භාරය කුමක් දැයි ඔවුන් නිවරදිව තේරුම් ගත යුතුව ඇති බවත්,
පැවැති පාලනය යටතේ මැති ඇමැතිවරුන්ගේ සාක්කුවට වැටුණු මුදල් අද ජනතාවගේ සාක්කුවට වැටෙමින් පවතින බවත්, එම සහනවලට විපක්ෂය විරුද්ධ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

එම මණ්ඩලයේ කටයුතු නිරීක්ෂණය සඳහා මුදල් අමාත්‍යවරයකු පැමිණි පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

Share this: