විශ්වාසභංගයේ අත්සන් තබා ඇත්තේ මන්ත්‍රීන් 81 පමණයි

විශ්වාසභංගයේ අත්සන් තබා ඇත්තේ මන්ත්‍රීන් 81 පමණයි

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසන්නේ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට අත්සන් තබා ඇත්තේ මන්ත්‍රීන් 81 දෙනෙකු බවයි.

එසේම එම යෝජනාවේ මන්ත්‍රීන් 114 දෙනෙකු අත්සන් කර ඇති බව පැවසුණත් තමන්ට වාර්තා වී ඇති පරිදි එහි අත්සන් තබා ඇත්තේ 81 දෙනෙකු යැයි අරලියගහ මන්දිරයේ අද පැවැති උත්සවයකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේය.

තවද එම මන්ත්‍රීන් 81 දෙනාගෙන් 15 දෙනෙකුද මේ වනවිට ඊට අත්සන් තබා නැතැයි පවසා ඇති බවක් දැනගන්නට ඇතැයිද ඒ මහතා එහිදී කිවේය.

හැකිනම් එම විශ්වාසභංගය ඉදිරිපත් කරන ලෙස අභියෝග කරන බවද ඇමතිවරයා අවධාරණය කළේය.

මෛත්‍රී – රනිල් එකමුතුවෙන් ගොඩනැඟුණු ආණ්ඩුවෙන් ජනතාවට සහන ලබාදෙන දෙන විටදී මහින්ද රාජපක්ෂ මහතාට සහන දීමට නොහැකි වූ නිසා මෙලෙස විශ්වාසභංග ගෙන එන බව ඒ මහතා චෝදනා කළේය.

Share this: