විශ්වවිද්‍යාල ආචාර්යවරු වර්ජනය තාවකාලිකව අත්හරියි

විශ්වවිද්‍යාල ආචාර්යවරු වර්ජනය තාවකාලිකව අත්හරියි

රජයේ බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය ආරම්භ කළ වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබේ.

ඒ අනුව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අප්‍රේල් 17 වැනිදා සිට යළි අධ්‍යයන කටයුතුවලට එක්වීමට නියමිතයි.

නිවේදනයක් නිකුත් කරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය (FUTA) පවසන්නේ 2023 අප්‍රේල් 17 සිට අඛණ්ඩ වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවා නැවත වැඩ ආරම්භ කිරීමට විශේෂ නියෝජිත මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇති බවයි.

Share this: