විශ්‍රාම වැටුප් කඩිනමින් ගෙවීමේ යාන්ත‍්‍රණය ක‍්‍රමවත් කර අදාළ ක්‍රියාදාමය පිළිබඳව ජනතාව දැනුවත් කරන ලෙස විවෘත හා වගවීම සහිත රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත.
ඒ අනුව, ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යන සේවකයන්ට හිමි විශ‍්‍රාම වැටුප් කඩිනමින් ලබාදීමට සහ මහජනතාව ළඟ තබා ගැනීමට පියවර ගන්නා ලෙස විවෘත සහ වගවීම සහිත රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ජගත් කුමාර සුමිත්‍රආරච්චි මහතා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.
විශ‍්‍රාම වැටුප ලබා ගැනීමට දීර්ඝ කාලයක් ගතවීම හේතුවෙන් මහජනතාව අපහසුතාවට පත්වන බවත්, මෙය දීර්ඝ කාලයක සිට පවතින කනස්සල්ලක් බවත්, එම ගැටලුවට අදාළ පැමිණිලි නිතර ලැබෙන බවත් ඔහු අවධාරණය කර තිබේ.
Share this: