විවාහ යෝජනාවට අකමැති වූ 14 හැවිරිදි දැරියට තරුණයා දත් කැඩෙන්න ගහලා!

විවාහ යෝජනාවට අකමැති වූ 14 හැවිරිදි දැරියට තරුණයා දත් කැඩෙන්න ගහලා!

වාද්දුව පොතුපිටිය ප්‍රදේශයේ නිවසට පැමිණි පිරිසක් විසින් 14 හැවිරිදි දැරියකට, ඇයගේ පියාට සහ සීයාට අමානුෂික ලෙස පහරදී බරපතල තුවාල සිදුකර තිබෙනවා.

අනතුරුව වාද්දුව පොලිසිය පහරදීම සම්බන්ධයෙන් පුද්ගලයන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ජනවාරි පළමුවැනිදා සවස කඩු කිනිසි, පොලු මුගුරුවලින් සන්නද්ධ පිරිසක් එම නිවසේ විසූ 14 හැවිරිදි දැරියකට අමානුෂික ලෙස පහර දී ඇගේ දත් කඩා ඇගේ මුඛයට දුම්වැටියක් ද ඔබා ගොස් ඇත.

ඔවුන් යතුරුපැදි, ත්‍රිරෝද රථ සහ මෝටර් රථවලින් පැමිණ ඇති අතර මේ වනවිට එම පිරිසෙන් සිව් දෙනෙකු යතුරුපැදියක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සෙසු සැකකරුවන් සොයා මේ වනවිට වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Share this: