විල්පත්තු වාර්තාව ජනපති අතට

විල්පත්තු වාර්තාව ජනපති අතට

විවාදයට තුඩු දී ඇති විල්පත්තු අභයභූමිය ආශ්‍රිත නැවත පදිංචි කිරිම් සම්බන්ධයෙන් පරිසර සංවිධාන සකස් කළ වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බාරදී තිබේ.

පසුගිය (05) රාත්‍රීයේදී ජනාධිපති කාර්යාලයේදී විල්පත්තු අභයභූමිය ආශ්‍රිත නැවත පදිංචි කිරිම් සම්බන්ධයෙන් පරිසර සංවිධාන සකස් කළ වාර්තාව, පරිසර සංවිධාන විසින් ජනාධිපතිවරයා වෙත බාරදී ඇති බව සඳහන්ය .

මෙහිදි අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ කිසිදු පුද්ගලයෙකුට පරිසරයට හානි කිරිමට ඉඩ නොදෙන බවත්, මේ පිළිබදව තමන් පාර්ශව ගණනාවකින් වාර්තා කැඳවා ඇති බවත්, සඳහන් කළ ජනාධිපතිවරයා එම වාර්තා කඩිනමින් ලබා දිමට කටයුතු කරන ලෙස අදාළ පාර්ශව වෙත උපදෙස් ලබාදී ඇති බවද සඳහන් කර තිබේ.

තවද එම වාර්තාද ලැබීමෙන් අනතුරුව අදාළ ප්‍රදේශවල නැවති පදිංචි කිරිම් සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹෙන බව ජනාධිපතිවරයා මෙහිදි ප්‍රකාශ කර ඇත.

Share this: