විමල් වීරවංශ මහතාට නඩු පැවරිය යුතුයි – නගරාධිපති ජී.එච්.බුද්ධදාස

විමල් වීරවංශ මහතාට නඩු පැවරිය යුතුයි – නගරාධිපති ජී.එච්.බුද්ධදාස

කඩුවෙල මහනගර සභවේ නගරාධිපති ජී.එච්.බුද්ධදාස මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේය, හිටපු අමාත්‍ය විමල් විරවංශ මහතාගේ බිරිඳට එල්ලවී ඇති චෝදනා සමබන්ධයෙන් පරික්ෂණ කඩිනම් කරන ලෙස තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටි බවයි.

ඒ අනුව අදාළ නඩුව මේ වන විට විභාග වෙමින් පවතින නමුත් ඒ සඳහා ආධාර සහ අනුබල දුන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට කිසිදු චෝදනවක් නොමැති බවට මේ වන විට පෙනී යන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් පිටතට පැමිණි ඒ මහතා මාධ්‍යට ප්‍රකාශ කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් තමා ඉල්ලා සිටින්නේ, ආගමන විගමන පන‍තේ 45/E වගන්තිය අනුව එවැනි දෙකට අනුබලදීම වරදක් බවත්, අදාළ පනත ක්‍රියාත්මක කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් තමා ඉල්ලා සිටින බවත්ය.
තවද හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පසුගිය කාලයේදී නීතිය තුට්ටු දෙකකට ගනන් නොගෙන සිටි බවත්, පොලිසියට ඔහුගෙන් කට උත්තරයක් ගැනීමට නොහැකිව අවුරුදු තුනාමාරක් සිට ඇති අතර ඒ සඳහා හිටපු පාලකයින් වගකිව යුතු බවත් බුද්ධදාස මහතා වැඩිදුරටත් එම අවස්ථාවේදී සඳහන් කර සිටියේය.

Share this: