විමල්ට ජාතික කොඩිය පිලිබදව අවබෝධයක් නෑ

විමල්ට ජාතික කොඩිය පිලිබදව අවබෝධයක් නෑ

ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ, ජාතික කොඩිය වෙනුවට වෙනත් කොඩියක් නිර්මාණය කිරීමට රජය සූදානම් වන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කර ඇති ප්‍රකාශය අනවබෝධයෙන් කරන ලද්දක් බවයි.

ජාතික කොඩියේ ගෞරවය ආරක්ෂා කිරීම සඳහා ගත් ක්‍රියාමාර්ග විමල් වීරවංශ මහතා වැරදි ලෙස අර්ථකථනය කර ඇති බව, නිවේදනයක් නිකුත් කරමින් ස්වදේශ කටයුතු අමාත්‍ය ජෝෂප් මයිකල් පෙරේරා මහතා පෙන්වා දෙයි.

ජාතික කොඩිය විකෘති කර අවභාවිතයට ගන්නා අවස්ථා පිළිබඳ පැමිණිලි රැසක් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය වෙත ලැබී ඇති අතර, ඒ හේතුවෙන් ජාතික කොඩිය භාවිතයේ දී අනුගමනය කළ යුතු රීති මාලාව නීති මාලාවක් බවට පත්කිරීම සඳහා පසුගියදා අමාත්‍ය මණ්ඩලයට තමන් යෝජනා කළ බව ජෝෂප් මයිකල් පෙරේරා අමාත්‍යවරයා සඳහන් කළේය.

තවද, ජාතික කොඩිය සැරසිල්ලක් ලෙස යොදා නොගැනීම සඳහා ද අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මේ පිළිබඳ හරිහැටි කරුණු වටහා ගැනීමකින් තොරව ප්‍රකාශ සිදුකරන බව ජෝෂප් මයිකල් පෙරේරා අමාත්‍යවරයා පවසයි.

Share this: