ඉංජිනේරු සේවා, ඉදිකිරිම්, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය වීමල් වීරවංශ මහතා පසුගිය පාලන සමයේදී ජාතික නිවාස දෙපාර්තමේන්තුවේ අධික්ෂණය යටතේ පැවැති සෙලින්කෝ නිවාස සමිතියේ සිදු කර ඇති බව කියන දුෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් අල්ලස් හෝ දුෂණ කොමිස වෙත පාර්ලිමේන්තු මන්ත්‍රි බුද්ධික පතිරණ මහතා පැමිණිල්ලක් කර ඇත.
මන්ත්‍රිවරයා පැවසියේ අද (04) පස්වරු 2.00 ට පමණ එම කොමිසම වෙත ගොස් අදාළ පැමිණිල්ල ඉදිරිපත් කළ බවයි .
බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා ඔහුට විරුධව ගොනුකළ චෝදනාව වනුයේ, සෙලින්කෝ නිවාස සමිතිය පසුගිය වකවානුවේ ශ්‍රි ලංකා මර්චන්ට් බැංකුව වෙත භාර දී තිබු බවත් එහි පාලනධිකාරිවරයා වශයෙන් එහි සතු මුදල් අනිසි ලෙස පරිහරණය කර ඇති බවතය.
එසේම මෙම ගණුදෙනුවට සම්බන්ධ හා එයට අනුබල දුන් පිරිස් සම්බන්දයෙන් ද සොයා බලා දඩුවම් ලබා දිය යුතු බව මන්ත්‍රිවරයා වැඩිදුරටත් කියා සිටියේය.