ජාතික විභාග දෙකක නැවත සමීක්ෂණ ප්‍රතිඵල මැයි 26 වැනිදා පස්වරුවේ නිකුත් කිරීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.
ඒ අනුව 2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල සහ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ අභියාචනා ප්‍රතිඵල මැයි 26 වැනිදා පස්වරුවේ නිකුත් කරන බව එච්.ජේ.එම්.අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළේය.
Share this: