ජ.වි.පෙ. හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා පවසන්නේ, ජ.වි.පෙට ජනගතවීමේ ප්‍රශ්නයක් ඇති බවත්, තමා මේ බව ප්‍රකාශ කරන ලද්දේ අද ඊයේ සිට නොවන බවයි.
එසේම ජ.වි.පෙ. ඉවත්වුවද තමා තනිවී නොමැති බවත්, තමා පක්ෂයෙන් ඉවත් වු පසු පක්ෂය සමඟ කිසිදු සාකච්ඡාවක් නොකළ බවත්, ඔහු පැවසුවේය.
තවද තමා පක්ෂයේ නායකත්වය බලාපොරොත්තු නොවු එකක් බවත් එය නොසිතු ලෙස පැමිණි එකක් බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
තවද, සෝමවංශ මහතා අවධාරණය කර සිටියේ, නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විශාල දුර්වලකම් කිහිපයක් ඇති බවයි.
හෙතෙම වැඩිදුරටත් සඳහන් කර සිටියේ, විප්ලවවාදියෙකු කිසිම දිනක ආගම ප්‍රතික්ෂේප නොකරන බවත්, තමාගේ හැදියාව පවා සාදන ලද්දේ පන්සල බවත් එය අමතක නොකරණ බවත්ය.
Share this: