විපක්ෂ නායක ධූරය දැරීම සඳහා නිමල් සිරිපාල ද සිල්වා සුදුසු නැති බව කියමින් අත්සන් කල මන්ත්‍රීවරුන්.

විපක්ෂ නායක ධූරය දැරීම සඳහා නිමල් සිරිපාල ද සිල්වා සුදුසු නැති බව කියමින් අත්සන් කල මන්ත්‍රීවරුන්.

විපක්ෂ නායක ධූරය දැරීම සඳහා නිමල් සිරිපාල ද සිල්වා මහතා සුදුසු නැති බව කියමින් ඒ වෙනුවට දිනේෂ් ගුණවර්ධන මහතා පත් කළ යුතු යයිද සන්ධානයේ බහුතර කැමැත්ත ඔහුට ලැබී ඇතැයිද කියමින් අද සවස එජනිස මන්ත්‍රීවරුන්ගේ මාධ්‍ය හමුවක් පැවැත්වුණා.

ඒ සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 60 කට අධික සංඛ්‍යාවක් එක්වූ අතර, ඔවුන්ගේ මතය වූයේ විපක්ෂ නායකවරයා ලෙස මේ වනවිට පාර්ලිමේන්තුවේ සිටින සුදුසුකම් සහිතම පුද්ගලයා මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා බවයි. මෙහිදී අදහස් දැක්වූ මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටියේ
“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමි තනතුරක් උදුරලා අරගෙන මහජන එක්සත් පෙරමුණට දෙන්න හදන උත්සාහයක් නොවෙයි මේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් කරන්නෙ ශීලාචාර දේශපාලනයක් නෙවෙයි. නිරෝගී ප්‍රජාතන්ත්‍රවාදයක් උදෙසා ඇමතිකම් නැති සන්ධාන පක්ෂයක නායකයෙක් හැටියට දිනේෂ් ගුණවර්ධන පත් කළයුතුයි” යනුවෙනි.

දිනේෂ් ගුණවර්ධන මහතා ඉල්ලන මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුව පහත පරිදිය.

බන්දුල ගුණවර්ධන,
විමල් වීරවංශ,
වාසුදේව නානායක්කාර,
දිනේෂ් ගුණවර්ධන,
ඩලස් අලහප්පෙරුම,
කුමාර වෙල්ගම,
ජී.එල්. පීරිස්,
ගාමිŒ ලොකුගේ,
ටී.බී. ඒකනායක,
එස්.එම්. චන්ද්‍රසේන,
ජොන්ස්ටන් ප්‍රනාන්දු,
නාමල් රාජපක්ෂ,
මහින්දානන්ද අලූත්ගමගේ,
සාලින්ද දිසානායක,
සරත් කුමාර ගුණරත්න,
රෝහිත අබේගුණවර්ධන,
වීරකුමාර දිසානායක,
විදුර වික්‍රමනායක,
රංජිත් ද සොයිසා,
ජානක වක්කුඹුර,
වී.කේ. ඉන්දික,
රොෂාන් රණසිංහ,
අරුන්දික ප්‍රනාන්දු,
ජානක ප්‍රියන්ත බණ්ඩාර,
ෂෙහාන් සේමසිංහ,
මොහාන් සිල්වා,
තාරානාත් බස්නායක,
මනූෂ නානායක්කාර,
උදිත ලොකු බණ්ඩාර,
කනක හේරත්,
ගීතාංජන ගුණවර්ධණ,
ගුණරත්න වීරකෝන්,
දිලූම් අමුණුගම,
ලොහාන් රත්වත්ත,
සරණ ගුණවර්ධන,
ඩබ්.බී. ඒකනායක,
වයි.පී. පත්මසිරි,
එච්.ඒ. මුතුකුමාරණ ,
චන්ද්‍රසිරි සූරියආරච්චි,
චාමික බුද්ධදාස,
ලක්ෂ්මන් වසන්ත පෙරේරා,
එල්ලාවල මේධානන්ද හිමි, ක
මලා රණතුංග,
ශ්‍රියා‚ විෙජ්වික්‍රම,
මාලනී ෆොන්සේකා,
සජින් වාස් ගුණවර්ධන,
සුසන්ත පුංචි නිලමේ,
ටිරාන් අලස්,
සරත් වීරසේකර,
ජගත් බාලසූරිය,
නිර්මල කොතලාවල,
දුමින්ද සිල්වා,
අබ්දුල් කාදර්,
රෝහණ දිසානායක,
ජයසිංහ බණ්ඩාර,
ප්‍රියංකර ජයරත්න,
කෙහෙළිය රඹුක්වැල්ල,
සුමේදා ජී. ජයසේන,
නිශාන්ත මුතුහෙට්ටිගම,
ශනී රෝහණ කොඩිතුවක්කු,
පී.ආර්.පී. සූරියප්පෙරුම,
විජිත බේරුගොඩ,
තිස්ස කරලියද්ද,
ජී.එච්. පියසේන

Share this: