විපක්ෂය නැතුව ආරක්ෂක අමාත්‍යංශ වැය ශීර්ෂය සම්මත කරගනී!

විපක්ෂය නැතුව ආරක්ෂක අමාත්‍යංශ වැය ශීර්ෂය සම්මත කරගනී!

ඊයේ(24) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සම්මත කරගැනීම සඳහා ඡන්දයක් පැවැත්විය.

එම ඡන්දයට පක්ෂව ඡන්ද 91ක් සහ විපක්ෂව ඡන්ද 10ක් ද ලැබුණි.

වැය ශීර්ෂයට විරුද්ධ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු  ඡන්දය ප්‍රකාශ කළහ.

සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය සහ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන පක්ෂ වල මන්ත්‍රීවරු කිසිවෙක් ඡන්දය විමසන අවස්ථාවේදී සභාව තුල නොසිටියහ.

ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා විසින් වැය ශීර්ෂයට ඡන්ද විමසීමක් ලබාදෙන්නැයි කතානායකවරයාගෙන් ඉල්ලා සිටිය ය.

ඒ අනුව වැය ශීර්ෂය සංශෝධන සහිතව සම්මත වූ බව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේය.

Share this: