විනාශ වූ කීරමලෙයි පාලම යුද හමුදාව පැය දෙකක් තුළ ප‍්‍රතිසංස්කරණය කරයි

විනාශ වූ කීරමලෙයි පාලම යුද හමුදාව පැය දෙකක් තුළ ප‍්‍රතිසංස්කරණය කරයි

පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් යාපනය කීරමලෙයි, පොන්නාලෙයි බී. 75 මාර්ගයේ විනාශ වු පාලම යුද හමුදා මැදිහත්වීම මත යළි ප‍්‍රතිසංස්කරණය කර ජනතාවගේ ගමනාගමනය සඳහා විවෘත කර දී තිබේ.

මෙම පාලම විනාශ වී පැය දෙකක් ඇතුළත යළිත් ප‍්‍රතිසංස්කරණය කිරීමට මෙහිදී යුද හමුදාව පියවර ගත්හ. පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පාලම දැඩි ලෙස විනාශයට ලක්වූ අතර මේ හේතුවෙන් මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල විය.

ප‍්‍රදේශවාසීන් හා රජයේ නිලධාරීන් මේ සඳහා විසඳුමක් සපයන ලෙස යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ රණවිරුවන්ගෙන් සිදු කරන ලද ඉල්ලීමකට අනුව යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් රුවන් වනිගසූරිය මහතාගේ මැදිහත්වීම මත මෙම පාලම ප‍්‍රතිසංස්කරණය කොට මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට පත් කොට තිබේ.

අදාළ පාළමේ ඉදිකිරීමේ කටයුතුවල නිරත රණවිරුවන් ඡුායාරූපයේ දැක්වේ.

Share this: