“විධායකය අහෝසි කරන්න හදිස්සි විය යුතු නැහැ” – විපක්ෂ නායක නිමල් සිරිපාල

“විධායකය අහෝසි කරන්න හදිස්සි විය යුතු නැහැ” – විපක්ෂ නායක නිමල් සිරිපාල

අද(11) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී, විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුයේ, එක්සත් ජාතීක පක්ෂයට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා විශාල හදිසියක් ඇති බවත්, හදිසි පනතක් ලෙස මෙය ගෙන ඒමට සුදානමින් සිටින බවත්, මේ ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කිසිම පැහැදීමක් නැති බවත්ය.
එසේම හදිසි පනතක් ලෙස එය ගෙන ඒමට සුදානම් වුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්පූර්ණ විරුද්ධත්වය ප්‍රකාශ කරන බව ඒ මහතා එම අවස්ථාවේදී කියා සිටියේය.

තවද ජනාධිපති විධායක බලතල අහෝසි කිරීම හෝ අවම කිරීමත් සමඟම මනාප මැතිවරණ ක්‍රමය නැති කර සෑම ආසනයකට වගකිව යුතු මන්ත්‍රීවරයෙකු පත් කරන ක්‍රමයක් සැකසිය යුතු බවත්, මේ දෙකම එකවර සිදුවිය යුතු බවත්, ඔව්හු එහිදී වැඩිදුරටත් සදහන් කළේය.

Share this: