විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සිදු වී ඇති කටයුතු සම්බන්ධයෙන් සතුටු විය නොහැකියි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සිදු වී ඇති කටයුතු සම්බන්ධයෙන් සතුටු විය නොහැකියි.

විදේශ රැකියා ඇමතිනි නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය පැවසුවේ, පසුගිය කාල සීමාවේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සිදුවූ කටයුතු සම්බන්ධයෙන් කිසිසේත්ම සතුටු විය නොහැකි බවයි.

අමාත්‍යවරිය මේ බව සඳහන් කළේ, කොළඹ උපාධිධාරී කාන්තා සංගමයේ පැවති කාන්තා දින සැමරුම් උළෙලට සහභාගි වෙමිනි.

පැවසුවේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සිදුවිය යුතුදේට අනවශ්‍ය දේ සඳහා අනවශ්‍ය ආකාරයෙන් වියදම් කර ඇති බවයි.

තවද, කාර්යාංශයේ ප‍්‍රචාරක අංශයේ වියදම් පසුගිය වසරේ රුපියල් මිලියන 362 බවත් ඒ තුළ විවිධාකාරයෙන් දේශපාලනික ප‍්‍රතිරූපය නංවා ගැනීමට කටයුතු කර ඇති බවත් අවධාරණය කළාය.

ඉදිරියේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශය තුළින් ජනතාවට වඩා ගුණාත්මක සේවාවක් සැපයීමට තමන් කටයුතු කරන බවත්, වත්මන් රජයේ දින 100 වැඩපිළිවෙළ යටතේ විගමනික ශ‍්‍රමිකයින් වෙනුවෙන් මූලික කරුණු තුනක් ඉටුකිරීමට ඇති බවත්ය.

තවද, විදේශ රැුකියා අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කලේ, ඒ අතුරින් 2.5% ක පොලියක් අනේවාසික ගිණුම් සඳහා එකතු කිරීමටත්, විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයක් හඳුන්වාදීමටත්, විගමනික පවුල්වල සුභසාධනය ඉහළ නැංවිමටත් කටයුතු කරන බවයි..

Share this: