රුපියල් මිලියන 8.1 කට ආසන්න මුදලක් වංචා කළ බවට සැලකෙන කාන්තාවක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) විසින් සිදුකරන ලද විමර්ශනවලින් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ.
45 හැවිරිදි සැකකාරිය තමන්ටම කියා විදේශ රැකියා නියෝජිතායතනයක් පවත්වාගෙන ගොස් ඇති අතර, ඊශ්‍රායලයේ සහ කටාර්හි හෙද සහ හෝටල් ක්ෂේත්‍රයේ රැකියා ලබා දෙන බවට 33 දෙනකුට පොරොන්දු වී ඔවුන්ගෙන් මුදල් ලබාගෙන ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
හලාවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකාරිය නිකවැරටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ගොනු කරන ලද පැමිණිල්ලකට අනුව හලාවත අධිකරණය විසින් ඇයව අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරන ලද අධිකරණ නියෝගයකට අනුවය.
Share this: